Skip to main content
Danula Wickramaarachchi

Danula Wickramaarachchi

By Danula Wickramaarachchi

Interviews, Discussions & Documentaries
Available on
RadioPublic Logo
Spotify Logo
Currently playing episode

DJ කෙනෙක් වෙන එක ඔය තරමටම අමාරුද? - DJ Lahiru

Danula WickramaarachchiJun 03, 2024

00:00
29:16
DJ කෙනෙක් වෙන එක ඔය තරමටම අමාරුද? - DJ Lahiru

DJ කෙනෙක් වෙන එක ඔය තරමටම අමාරුද? - DJ Lahiru

ශ්‍රී ලංකාවේ ඇත්තටම DJ වෘත්තියට පිළිගැනීමක් තියෙනවද? මොනවද අපේ රටේ සහ පිටරට DJ Industries අතරේ තියෙන වෙනස්කම්? මොනවද අපේ රටේ DJ වෘත්තිකයින්ට තියෙන ප්‍රශ්න? ලංකාවේ DJ Industry එක Tomorrowland තත්වයට ගේන්න බැරිද? DJ කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අයට මොනවද තියෙන අවස්ථා? එකී මෙකී නොකී අකී ප්‍රශ්න ගොඩකට, උත්තර දෙන්න අද අපේ මන්ත්‍රණ 03 වන වැඩසටහනට සහභාගී වෙන්නේ DJ ශිල්පී ළහිරු වන්නිනායකයි.

Jun 03, 202429:16
මෝහනයෙන් 1848 සටනට

මෝහනයෙන් 1848 සටනට

මෝහන විද්‍යාවෙන් තහවුරු වුණු 1848 අරගලය ගැන පුංචි කතාවක් අහමු.

May 28, 202414:06
ජැක්සන් ඇන්තනී නම් ඉතිහාස ඝාතකයා?

ජැක්සන් ඇන්තනී නම් ඉතිහාස ඝාතකයා?

ජැක්සන් ඇන්තනී මහතා කියන්නෙ All in One Package එකක්. හැකියාවන් සහ දක්ෂතා අතරින් ලෝකයේ පහළ වුණු අතිදුර්ලභ චරිතයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් බොහෝ දෙනෙක්ට ජැක්සන් ඇන්තනී නම එපා වෙන්නෙ බලපෑවේ ඔහුගේ දේශපාලනික කටයුතු සහ ඉතිහාස විෂය, ඔහුගේ දේශපාලන කටයුතු වලට භාවිතා කිරීමට ගියපු එකෙන්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය ගැන කරපු සමහරක් සමහරක් දේවල් ගැනත් පසු කාලීනව සමහරක් අයගේ විවාදයට ලක් වුණා. ඉතින් මේ ඔක්කොමත් එකතු කරගෙන අද සත දෙකේ කතාව, ජැක්සන් ඇන්තනී මහතාට වෙන් කරන්න හිතුවා.

May 21, 202436:55
මින්නේරිය දෙවියෝ

මින්නේරිය දෙවියෝ

මහසෙන් රජතුමා ගැන අපි නිර්මාණය කරපු වැඩසටහන් මාලාවේ තුන්වෙනි සහ අවසාන වැඩසටහන තමයි අද අපි අරගෙන එන්නෙ. අද වැඩසටහනේදී අපි ජනප්‍රවාද ඇසුරෙන් සාකච්ඡා කරනවා කොහොමද මහසෙන් රජතුමා මරණයෙන් පස්සෙ මින්නේරිය දෙවියන් බවට පත් වුණේ කියලා.

May 12, 202422:29
ථූපාරාම විනය සංගායනාව

ථූපාරාම විනය සංගායනාව

අපේ රටේ සිදු කෙරුනු සංගායනා කිව්වම හැමෝටම වගේ මතක් වෙන්නෙ වළගම්බා රාජ්‍ය සමයේ වුණු සංගායනාව ගැනයි. ඒ නිසා අද පොඩි කතාවෙන් අපි කියන්න හිතුවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ සිදු කෙරුණු පළවෙනි සංගායනාව නොහොත් ථූපාරාම සංගායනාව ගැන.

May 06, 202404:37
මහසෙන් රජතුමාගේ අවසන් හුස්ම

මහසෙන් රජතුමාගේ අවසන් හුස්ම

අද වැඩසටහන වෙන් වෙන්නේ මහසෙන් රජතුමාගේ මින්නේරිය වැව නිර්මාණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය හා බැඳුනු රසවත් ජනප්‍රවාද කිහිපයක් ගැනයි. ඒ වගේම වැඩසටහන අවසානයේදී අපි කියනවා කොහොමද මහසෙන් රජතුමාගේ මරණය සිදු වුණේ කියලත්

May 05, 202425:13
මෙන්න ගෙනාවා උත්තර : 04 වන කොටස

මෙන්න ගෙනාවා උත්තර : 04 වන කොටස

2024 ජනවාරි සිට 2024 අප්‍රේල් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

Apr 09, 202459:52
AI යුගයේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම

AI යුගයේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම

"ඉතිහාසය කන්නද?" කියන්නෙ, අපේ රටේ එක එක කාලවල්වලදී උඩට එන මාතෘකාවක්. මුළු ලෝකයක්ම AI ගැන කතා කරන මේ කාලයේ, විද්‍යාව සහ තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කරමින් ඉන්න මේ මොහොතේ, අපි තව දුරටත් ඉතිහාසය වගේ පරණ විෂයන් ඉගෙනගෙන වැඩක් තියෙනවද? අද සත දෙකේ කතාව, අන්න ඒ ගැනයි.

Apr 07, 202453:03
දීපවංශයට හැඳින්වීමක්

දීපවංශයට හැඳින්වීමක්

අද පොඩි කතාව, අපේ රටේ දැනට හමුවී ඇති පැරණිතම ඉතිහාස ග්‍රන්ථය යැයි සැළකෙන දීපවංශය ගැනයි.

Mar 30, 202405:22
වංසත්තප්පකාසිනියට හැඳින්වීමක්

වංසත්තප්පකාසිනියට හැඳින්වීමක්

සාහිත්‍ය මූලාශ්‍ර යටතේ එන අට්ඨ කතාවල තියෙන සමහරක් නොතේරෙන, අපැහැදිලි තැන් විස්තර කරන්න ටීකාකරණයක් අවශ්‍යයි. ටීකාවක අරමුණ වෙන්නේ අදාළ අට්ඨ කතාවේ තියෙන අපැහැදිලි සහ ගැටළු සහිත තැන් හඳුනාගෙන, ඒවා පැහැදිලිව සහ විස්තරාත්මකව සටහන් කිරීමක්. අපේ රටේ ටීකාවන් අතරින් තියෙන ප්‍රධානතම ටීකාවක් වන "වංසත්තප්පකාසිනිය" ගැන තමයි අද පොඩි කතාව.

Mar 24, 202406:26
ලංකාව ගැන පිටරට්ටු කියපු කතා

ලංකාව ගැන පිටරට්ටු කියපු කතා

අපේ රටේ ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න පුලුවන් වෙන මූලාශ්‍ර වර්ගයක් තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ. ඒ අතරේ සමහර විදේශිකයින් අපේ රටට ඇවිත් අපේ රටේ සංචාරය කරන ගමන් අපේ රට ගැන ලියලා තියෙනවා. සමහරු අපේ රටට නෑවිත්, අපේ රට ගැන දන්න සහ යන එන අයගෙන් අහගත්ත තොරතුරු ඔස්සේ අපේ රට ගැන ලියලා තියෙනවා. ඉතින් මේ කොයි විදිහට එයාලා අපි ගැන ලිව්වත්, ඒ ලියලා තියෙන කරුණු ඒ විදිහටම භාර නොගෙන, තර්කානුකූලව, බොහොම ප්‍රවේශමෙන් කියවන්න ඕන.

Mar 17, 202433:29
සිංහලයාගේ තාක්ෂණය

සිංහලයාගේ තාක්ෂණය

2013 අප්‍රේල් 30 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයීය හෙළ සිසු හවුල විසින් සංවිධානය කරනු ලැබූ හෙළ දින දසුන එළිදැක්වීමේ වැඩසටහනේදී පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්, වරලත් ඉංජිනේරු ඊලියන් ද සිල්වා මහතා, මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා සහ ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කළ දේශන...

Mar 10, 202448:17
පැරණි බෞද්ධ ආරාමවල අංග

පැරණි බෞද්ධ ආරාමවල අංග

අද පොඩි කතාවෙන් අපි, පැරණි බෞද්ධ ආරාමයක දකින්න ලැබෙන විහාර අංග ගැන කතා කරමු.

Mar 09, 202405:05
මෝහනයෙන් කෝට්ටේ යුගයට

මෝහනයෙන් කෝට්ටේ යුගයට

අද වැඩසටහන, අපිට ඉතිහාසය සොයාගන්න උදව් වෙන මූලාශ්‍රවල සම්මත ලැයිස්තුවට අයත් නොවෙන, ඒත් වක්‍රාකාරයෙන් උදව් කරගන්න පුලුවන් දෙයක් ගැනයි. ඒ තමයි මෝහන විද්‍යාව ඔස්සේ හෙළිවන කරුණු. මේ වැඩසටහනේදී වෛද්‍ය එස්.බී.ජයසිංහ මහතා රචනා කරපු "මෝහන ප්‍රතිගමන ප්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය සහ පුනර්භවය" කෘතියේ සඳහන් වෙන ඒ වගේ තොරතුරු රාශියක් අතරින් අපි කෝට්ටේ යුගයේ කතාවක් තෝරගත්තා.

Feb 18, 202421:53
කෝට්ටේ රාජධානියේ ග්‍රාමීය නාමයන්

කෝට්ටේ රාජධානියේ ග්‍රාමීය නාමයන්

අද අපේ මාතෘකාව, කෝට්ටේ රාජධානියේ සමහරක් ගම්මානවලට නම් හැදුණු විදිහ ගැනයි. මෙහෙම ග්‍රාමීය නාම පටබැඳීමේදී ඒ ඒ ගම්මානවලින් රාජධානියට සැපයුණු සේවාවන් වගේම ප්‍රදේශයේ පාරිසරික සාධක සහ ජනශ්‍රැතිත් බලපාලා තියෙනවා.

Feb 18, 202426:33
අභයගිරි බෝධිඝර බුද්ධ ප්‍රතිමා

අභයගිරි බෝධිඝර බුද්ධ ප්‍රතිමා

අද පොඩි කතාවෙන් අපි, අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණයේ තියෙන බෝධිඝර ආශ්‍රයෙන් හමුවුණු බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගැන සංක්ෂිප්තව විස්තර ටිකක් කතා කරමු.

Feb 10, 202404:47
බටතොට දිවාගුහාව

බටතොට දිවාගුහාව

සොළොස්මස්ථාන වඳින ගාථාවේ, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථාන අතරින් ඉහළින්ම තිබෙන ස්ථානයක් තමයි දිවාගුහාව කියන්නෙ. ඇත්තටම බුදුන් වහන්සේ වැඩම කළ සැබෑ දිවාගුහාව තියෙන්නෙ කොහෙද කියන එක අතීතයේ සිට වර්තමානය වන තුරුම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය තුළ තියෙන ප්‍රශ්නයක්. අද වැඩසටහන, අන්න එහෙම සැක කරන ස්ථානවලින් ප්‍රධානතම ස්ථානය වන රත්නපුර බටතොට දිවාගුහාව ගැනයි.

Jan 27, 202401:10:04
18 වන සියවසේ අත් මෝටාර් තුවක්කු

18 වන සියවසේ අත් මෝටාර් තුවක්කු

අද පොඩි කතාව, 18 වන සියවසේ යුද්ධවලදි ඔටෝමන් අධිරාජ්‍යය සහ රුසියාව බහුලව භාවිතා කරපු අතිවිශේෂිත තුවක්කු වර්ගයක් ගැනයි.

Jan 08, 202404:29
දෙවන ලෝක යුධ නායකයින්ගේ පළමු ලෝක යුධ ඉතිහාසය- 01 කොටස

දෙවන ලෝක යුධ නායකයින්ගේ පළමු ලෝක යුධ ඉතිහාසය- 01 කොටස

අද පොඩි කතාව දෙවන ලෝක යුධයේ ප්‍රසිද්ධ දේශපාලනික චරිත, පළමු ලෝක යුද්ධයේදී කළ කී දේවල් ගැනයි...

Jan 07, 202406:31
මෙන්න ගෙනාවා උත්තර : 03 වන කොටස

මෙන්න ගෙනාවා උත්තර : 03 වන කොටස

2023 ජූනි සිට 2023 දෙසැම්බර් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

Dec 02, 202301:30:26
ශ්‍රී ලංකාවේ සෙල්ලිපි වර්ගීකරණය

ශ්‍රී ලංකාවේ සෙල්ලිපි වර්ගීකරණය

අද පොඩි කතාවෙන් අපි ශ්‍රී ලංකාවේ සෙල්ලිපි වර්ග ගැන ඉගෙනගමු.

Dec 02, 202303:51
දානෙ හොරා

දානෙ හොරා

අද පොඩි කතාව, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ඔටුනු නොපලන් පුත් කුමාරයා සහ වීදාගම මෛත්‍රී හාමුදුරුවන් අතරේ වුණු රහස් පණිවිඩ හුවමාරුවක් ගැනයි.

Nov 20, 202306:13
මාධ්‍ය ජීවිතයේ තිරය පිටුපස - හසිනි ඒකනායක

මාධ්‍ය ජීවිතයේ තිරය පිටුපස - හසිනි ඒකනායක

අපේ මන්ත්‍රණ වැඩසටහන් මාලාවේ, අද වැඩසටහනට අපිත් එක්ක එකතුවෙන්නෙ මාධ්‍යවේදිනී හසිනි ඒකනායක මෙනවියයි. ඇයගේ මාධ්‍ය ජීවිතයේ තිරය පිටුපස සිදුවීම් හාරා ඇවිස්සීම වගේම මාධ්‍ය වෘත්තියට සම්බන්ධ වෙන්න ඉන්න අයට සහ අලුතින්ම සම්බන්ධ වුණු අයටත් අවශ්‍ය කරන දැනුම ලබා දීමත් අද වැඩසටහනේ අරමුණක්.

Nov 18, 202301:03:16
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හින්දු සිරිත් අතෑරීම

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හින්දු සිරිත් අතෑරීම

අද පොඩි කතාව, අපේ රටේ බුදු සසුන වෙනුවෙන් අමිල මෙහෙවරක් කරපු මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, නළලේ අළු ගාන පුරුද්ද නතර කරපු හැටි ගැනයි.

Nov 10, 202303:50
බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වුණු තවත් ගුවන් යානයක්

බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වුණු තවත් ගුවන් යානයක්

අද පොඩි කතාව, බලා සිටියදීම බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වෙලා ගියපු ගුවන් යානයක් ගැනයි...

Sep 24, 202305:33
 බෙල්ලන්විල රජමහා විහාරයේ සුවිශේෂ සිතුවම්

බෙල්ලන්විල රජමහා විහාරයේ සුවිශේෂ සිතුවම්

කොළඹ යුගයේ සිත්තම් කරපු විශිෂ්ඨ විහාර බිතුසිතුවම් දකින්න ලැබෙන ස්ථාන ගැන කතා කරද්දි බෙල්ලන්විල රජමහා විහාර සිතුවම් ගැන මතක් වෙන්නෙ බොහොම අතලොස්සකට විතරයි. ඉතින් ඒ නිසා අද වැඩසටහනෙන් මම හිතුවා, බෙල්ලන්විල රජමහා විහාරස්ථ බිතු සිතුවම් ගැන විචාරයක් කරන්න!

Aug 21, 202301:18:32
රාජ්‍ය සේවය එදා සහ අද

රාජ්‍ය සේවය එදා සහ අද

1947දී වැඩවර්ජකයෙක්ගේ මරණයට හේතු වුණු පොලීසියේ වෙඩිල්ල, ආචාර්ය එන්.එම්.පෙරේරාට තියපු එකක්ද? ටී.බී.ඉලංගරත්න මහතා, අගමැති බණ්ඩාරනායක එක්ක අත්වැල් බැඳගත්තෙ ඇයි? 1956 වර්ෂය රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගයද? අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සාර්ථක නායිකාවක්ද? ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1980 ජූලි වැඩවර්ජනය මර්ධනය කළේ කොහොමද? අපේ රටේ රාජ්‍ය සේවය අපිරිසිදු වුණේ කවදා සිටද? මේ සියලු ප්‍රශ්න වලට උත්තර සමගින් 1945 සිට 1998 දක්වා ලංකාවේ රාජ්‍ය සේවයේ සහ වෘත්තීය සමිති ව්‍යාපාර වල සංක්ෂිප්ත ඉතිහාසය දැනගමු.

Aug 04, 202346:13
බොරලැස්ගමුවේ ඉතිහාසය - 02 වන කොටස

බොරලැස්ගමුවේ ඉතිහාසය - 02 වන කොටස

අද අපි අරගෙන එන්නේ අපි පසුගිය කාලයක විකාශය කරපු "ඓතිහාසික බොරලැස්ගමුව්" වැඩසටහනේ දෙවෙනි කොටසයි. ඒ ඔස්සේ අපි පැපිලියාන සුනෙත්‍රාදේවි විහාර සෙල්ලිපිය මූලාශ්‍ර කරගෙන, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු යුගයේ බොරලැස්ගමුවේ තිබ්බ ආගමික, සාමාජීය සහ ආර්ථික අංශ ගැන සවිස්තරාත්මකව කතා කරනවා.

Aug 01, 202301:14:39
ලංකා ඉතිහාසය ඉගෙනගන්න අමාරු ඇයි?

ලංකා ඉතිහාසය ඉගෙනගන්න අමාරු ඇයි?

හුග දෙනෙක් කියන කතාවක් තමයි ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න හරිම අමාරුයි කියන එක. ඒ වගේම එකම නමින් රජවරු ඉන්න එකත් හුග දෙනෙක්ට හිසරදයක්. ඇත්තටම මේක අපේ රටට විතරක් තියෙන දෙයක්ද? ඇයි අපිට අපේ ඉතිහාසය ඉගෙනගන්න අමාරු? කොච්චර උත්සාහ කළත් ඇයි මතක හිටින්නෙම නැත්තෙ? මේ සත දෙක, අන්න ඒ ගැනයි.

Jul 27, 202321:52
අනතුරු වළක්වන රතු, කොළ, සුදු

අනතුරු වළක්වන රතු, කොළ, සුදු

රාත්‍රී අහසේදී පියාසර කරන ගුවන් යානාවල රතු, කොළ, සුදු බල්බ් සවි කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? අද පොඩි කතාව ඒ ගැනයි.

Jul 15, 202305:08
කොළඹ නගරයේ මර බිය පැතිරුණු විදිහ

කොළඹ නගරයේ මර බිය පැතිරුණු විදිහ

මේ උත්සාහය ඒ කටුක අතීතය යලි හාරා ඇවිස්සීමට නොව, මෙවන් කාලයක්ද තිබූ බව හය හතර නොතේරෙන වයසේ සිටි හා පසුව ඉපදුන අපේම සහෝදර සහෝදරියන්, දරු දැරියන් සහ ඉපදෙන්නට සිටින අනාගත පරපුර දැනුවත් කිරීම සඳහාම පමණි.

Jul 09, 202301:32:22
මෙන්න ගෙනාවා උත්තර : 02 වන කොටස

මෙන්න ගෙනාවා උත්තර : 02 වන කොටස

2023 ජනවාරි සිට 2023 ජූනි වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

Jul 09, 202301:20:16
මනස Reprogram කරලා ජීවිතය පහසු කරගමු

මනස Reprogram කරලා ජීවිතය පහසු කරගමු

අද අපේ වැඩසටහන... අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දුවලා පුතාලා වෙනුවෙනුයි.

Jul 09, 202358:30
දළදා මාළිගාවට ගිලන්පස දෙකක් ඇයි?

දළදා මාළිගාවට ගිලන්පස දෙකක් ඇයි?

දන්නවද? අනිත් විහාරස්ථාන වල බුදුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තැන්පත් කළත්, දළදා මාළිගාවේ තැන්පත් කරන්නෙ මුළුතැන් පූජාවයි. අනිත් විහාරස්ථාන වල හවසට එක ගිලන්පස පූජාවක් තැන්පත් කළත්, දළදා මාළිගාවේ ගිලන්පස පූජාවල් දෙකක් තැන්පත් කරනවා. අද වැඩසටහනෙන් අපි මේ විශේෂත්වයන් වලට හේතුව හොයමු.

Jul 09, 202325:30
ඇමරිකාවේ වෙඩි තැබීම් ඉහළ යන්නෙ ඇයි?

ඇමරිකාවේ වෙඩි තැබීම් ඉහළ යන්නෙ ඇයි?

අපේ රටේ ප්‍රවෘත්ති වලින් අපි නිතරම දකින දෙයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පෙරපාසල්, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළේ සිදුවෙන වෙඩි තැබීම්. ඉතින් අද අපි හිතුවා ඒ අවාසනාවන්ත සිදුවීම් වල තිරය පිටුපස කතාව ගැන ඔයාලව දැනුවත් කරන්න.

Jul 09, 202320:22
කැලණි පුරවරයේ බිහිසුණු ශාපය

කැලණි පුරවරයේ බිහිසුණු ශාපය

ලංකාවෙන් හමුවුණු සෙල්ලිපි අතරින් කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයෙන් හමුවුණු පුවරු ලිපියක් සුවිශේෂී සෙල්ලිපියක් වෙනවා. ඒ, සෙල්ලිපියේ සටහන් කරලා තියෙන එක්තරා ශාප කිරීමක් නිසයි.

Jul 02, 202305:36
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුදිද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුදිද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීම් විරහිතද? අකාර්‍යක්ෂමද? බුදිද?............ මගේ සත දෙක.

Jun 22, 202322:38
ලංකාවට ගෙනාපු මුල්ම පාත්‍ර ධාතුව

ලංකාවට ගෙනාපු මුල්ම පාත්‍ර ධාතුව

අතීත ලංකාවේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ යම් කෙනෙක් සතු වේ නම් ඒ කෙනා අපේ රටේ රජතුමා විදිහට පිළිගැනීමට ලක් වුණා කියලා අපි අහලා තියෙනවා. දළදා වහන්සේ නම් අද මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරලා තියෙනවා. ඒත් පාත්‍ර ධාතුවට මොකද වුණේ? අද පොඩි කතාව ඒ ගැනයි.

Jun 16, 202308:13
අතිවිශේෂ බුදු පිළිමයක්

අතිවිශේෂ බුදු පිළිමයක්

අද අපි හෙළිදරව් කරන්නෙ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටාල රජමහා විහාරයෙන් අපේ රටේ පුරාවිද්‍යාඥයින්ට හමුවුණු අතිවිශේෂිත බුදු පිළිමයක් ගැනයි...

May 24, 202303:53
ස්මාරක සංරක්ෂණයට යොදන ගඩොල්

ස්මාරක සංරක්ෂණයට යොදන ගඩොල්

අද අපි ශ්‍රී ලංකාවේ පැරණි ස්මාරක සංරක්ෂණය කරන්න යොදන විශේෂිත ගඩොල් වර්ගයක් ගැන දැනගමු.

May 24, 202303:36
බොරලැස්ගමුවේ ඉතිහාසය - 01 වන කොටස

බොරලැස්ගමුවේ ඉතිහාසය - 01 වන කොටස

බොරලැස්ගමුව කියන්නෙ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයිති වෙන ප්‍රදේශයක්. ඉතින් මොකක්ද බොරලැස්ගමුවේ තියෙන විශේෂත්වය? වැඩසටහන අහලම බලන්නකො.

May 14, 202301:29:36
පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය

පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය

අපේ රටේ ඉතිහාසයේ කාන්තා නායකත්වය ගැන කතා කරනකොට පොළොන්නරු යුගය අපිට කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනවා. මේ වැඩසටහන ඒ ගැනයි.

Apr 29, 202317:32
ජුබිලි කණුවට නම හැදුනු හැටි

ජුබිලි කණුවට නම හැදුනු හැටි

ඔයාලා අහලා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ, නුගේගොඩ නගරය ආසාන්නයේ තියෙන “ජුබිලි කණුව” කියලා ඉසව්වක් ගැන. ඒත් ඔයාලා දන්නවද මේ ඉසව්වට “ජුබිලි කණුව” කියලා කියන්න හේතුව මොකක්ද කියලා?

Apr 16, 202302:47
අනීමිසලෝචන මුද්‍රාව

අනීමිසලෝචන මුද්‍රාව

පොළොන්නරු ගල් විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමාවේ මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවද? ඒකෙන් නිරූපනය වෙන්නෙ බුදු වහන්සේ අනුන්ගේ දුකේදී කරුණාව දැක්වීමද? මෙන්න ඒ මුද්‍රාව සහ එහි අර්ථය ගැන වෙනස්ම මතයක්!

Apr 14, 202305:08
බෙල්ලන්විල බුදුගේ නොඇසූ කතා

බෙල්ලන්විල බුදුගේ නොඇසූ කතා

අද පොඩි කතාවෙන් අපි අරගෙන එන්නෙ ඔයාලා හොඳටම දන්න බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ බුදු මැදුර ගැන ඔයාලා නොදන්න කතා කිහිපයක්!

Apr 12, 202305:34
සීතාවක රාජධානියේ පරිහානිය

සීතාවක රාජධානියේ පරිහානිය

පෘතුගීසීන් අපේ රටේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ගන්නකොට, පෘතුගීසීන් එක්ක කරට කර ඉදගෙන, සමස්ථ ලංකාවේම මුරදේවතාවා විදිහට පෙනී සිටිමින් පෘතුගීසීන්ට අභියෝග කරන්න පුලුවන් රාජධානියක් විදිහට තිබුණෙ සීතාවක රාජධානිය විතරයි. අද අපි කතා කරන්නෙ රටක් එක්ක යුද්ධ කරලා ලබපු දරුණුතම පරාජයට පෘතුගීසීන්ව පත් කරපු, යුරෝපයටත් වඩා ඉස්ථරම් වර්ගයේ තුවක්කු හදපු, අභිමානවත් සහ ප්‍රතාපවත් සීතාවක රාජධානිය බිඳ වැටුණෙ කොහොමද කියලයි.

Apr 05, 202324:04
සීවලී මහ රහතන් වහන්සේ

සීවලී මහ රහතන් වහන්සේ

ගොඩක් බෞද්ධ නිවාස වල, ව්‍යාපාරික ස්ථාන වල ඇතුළ් වෙන තැන එල්ලලා තියෙනවනෙ සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරයක්. අද පොඩි කතාව අන්න ඒක ගැනයි...

Mar 25, 202306:35
Titanic ගිලුණද? ගිල්ලෙව්වද? ගිලුණෙ නැද්ද?

Titanic ගිලුණද? ගිල්ලෙව්වද? ගිලුණෙ නැද්ද?

Titanic ඛේදවාචකය ගැන මේ වෙනකොට මතයන් විශාල ප්‍රමාණයක් එළිදැක්විලා තියෙනවා. අද පොඩි කතාවෙන් අපි අරගෙන එන්නෙ ඒ මත වලින් ටිකක් ප්‍රසිද්ධ මතයක් වන Switch Theory එක ගැනයි.

Mar 19, 202306:30
දියතලාවෙන් ලියමනක්

දියතලාවෙන් ලියමනක්

1991 අවුරුද්දේ ලියවුණු ලිපියක්...

Mar 03, 202311:28
ලෝකයේ ජනප්‍රියතම නත්තල් ගීතයක්

ලෝකයේ ජනප්‍රියතම නත්තල් ගීතයක්

We wish you a Merry Christmas - ලෝකයේ සුප්‍රසිද්ධ සහ ජනප්‍රියතම නත්තල් ගීතයක් ගැන තතු...

Feb 26, 202303:18