Skip to main content
 රට කරවන හැටි Rata Karawana Hati

රට කරවන හැටි Rata Karawana Hati

By Maheshakya

ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගය

Cyber movement for an informed discussion on all things Sri Lankan politics
Available on
Apple Podcasts Logo
Google Podcasts Logo
Overcast Logo
Pocket Casts Logo
RadioPublic Logo
Spotify Logo
Currently playing episode

2022 අයවැය #75

රට කරවන හැටි Rata Karawana HatiNov 16, 2021

00:00
33:38
ප්‍රෙගොෂින් #108

ප්‍රෙගොෂින් #108

ප්‍රෙගොෂින් ට ඉස්සර කිව්වේ පුටින් ගේ චෙෂ් කියල. අද අපි කතා කරන්නේ පුටින් ගේ චෙෂ්, පුටින් ගේ ලොකුම සතුරා වුන හැටි.

· Associated Press/Alamy Stock Photo

Sep 05, 202320:10
ටෝකින් පොයින්ට් #107

ටෝකින් පොයින්ට් #107

ප්‍රශ්නය - “ජීවන වියදම ඉහළ යන එකට රජය මොකක්ද කරන්නේ?”

පිළිතුර - “දැන් බලන්න අපේ රජය බොහොම අසීරු කාලයක බලයට ඇවිත්, කවුරුත් වගකීම් බාර ගන්න බැහැ කියපු වෙලාවක බලය අර ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරල තියනවා, ණය අර ගන්න පුළුවන් වටපිටාව හදල දීලා තියනවා.”

අපි මේ වගේ ටෝකින් පොයින්ට්ස් වලට දැන හෝ නො දැන අහල තියනවා. ඒවා විශ්වාස කරල තියනවා.

ටෝකින් පොයින්ට් එකක් කියල කියන්නේ දේශපාලනයේ දී තමන්ට එන ප්‍රශ්නය හැර අනිත් හැම මඟුලට ම උත්තර දෙන දේශපාලන උපක්‍රමයක්. මේක දේශපාලන වේදිකාවේ, සාකච්ඡාවල භාවිත වෙනවා අපි දකිනවා. අද කතා කරන්නේ මේ දේශපාලන උපක්‍රමය ගැන.

Jul 02, 202321:01
ප්‍රංශයේ මොකද වෙන්නේ #106
May 01, 202324:13
ඡන්දය කල් දැමීම, check and balance, සහ රනිල්ගේ අවසන් තුරුම්පුව #105

ඡන්දය කල් දැමීම, check and balance, සහ රනිල්ගේ අවසන් තුරුම්පුව #105


රනිල් රාජපක්ෂ අද රටේ ජනතාව හති වට්ටන කැම්පේන් එකකට මුල පුරල ඉන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.

ඒ වගේම රනිල් වැනි පාලකයන් ඉන්න රටක check and balance තිබීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතන වල අවශ්‍යතාව ගැනත් අද පි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Mar 27, 202346:17
සේපාල්, බදු සහ ඡන්ද කැම්පේන් #104

සේපාල්, බදු සහ ඡන්ද කැම්පේන් #104

ටිකක් ප්‍රමාද වෙලා හරි අද අපි මුලින්ම කතා කරන්නේ සේපාල් අමරසිංහ ගැන සහ ජජබෙ බදු ප්‍රතිපත්තිය ගැන.

ඒ වගේම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 4 තමන්ගේ ඡන්ද කැම්පෙන් එක කරගෙන යන විදිහ ගැනත් අපි කතා වෙනවා.

(මෙය පටිගත කිරීම තැපල් ඡන්ද කල් දැමීමේ තීරණයට පෙර පටිගත කරන ලද බව සලකන්න.)

Feb 20, 202301:00:04
මැතිවරණයක පෙර #103

මැතිවරණයක පෙර #103

අද අපි කතා කරන්නේ රටේ ලොකුම පුංචි ඡන්දෙ ගැන


Jan 26, 202330:38
ස්ටැටස් ක්වෝ #102

ස්ටැටස් ක්වෝ #102

Status quo එකට අභියෝග කිරීමෙන් විතරයි අපට සමාජයක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ Status quo එකට අභියෝග කිරීම ගැන සහ ඒකේ වැදගත්කම.

Dec 23, 202215:28
දේශපාලන ඉත්තෝ #101
Nov 16, 202218:09
22 සංශෝධනය #100

22 සංශෝධනය #100

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය නැවතත් ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු සභාව වගේ ස්වාධීන ආයතන පිහිටුවන්න යෝජනා කරල තියනවා. අද අපේ 100 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ මේ සංශෝධනය ගැන.

Oct 14, 202236:14
IMF සරණ 2.0 #99

IMF සරණ 2.0 #99

අද අපි කතා කරන්නේ IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුන එකඟතාවය ගැන.

Sep 19, 202226:32
 අවදි වුන මකරා #98
Aug 21, 202218:09
රනිල් ගේ 🍑 කමු #97

රනිල් ගේ 🍑 කමු #97

අපි නොහිතපු විදිහේ රාජ්‍ය ත්‍රස්තවාදයක් අත්විඳින්න අද මිනිස්සුන්ට සිද්ද වෙලා තියනවා. අසාධාරණ විදිහට මිනිස්සු අත්තඩංගුවට ගන්නවා, පැහැරගන්නවා. ජනාධිපති මන්දිරෙන් කොඩියක් උස්සපු මිනිහා අත්තඩංගුවට ගන්නකොට බිලියන් ගණන් අවභාවිතා කරපු මිනිස්සු රටින් පනිනවා. ඇමති තනතුරු ගන්නවා. අද කතාව ඒ ගැන.

Aug 03, 202216:31
8 හොඳායි ද #96

8 හොඳායි ද #96

20 වෙනිදා අපේ පාර්ලිමේන්තුව රැස් වෙනවා 9 වෙනි ජනාධිපතිවරයා තෝරාගන්න හෝ 8 වෙනි ජනාධිපතිගේ ධුරය ස්ථිර කරන්න. මේ තැනට එන්න සිදුවුන ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන සහ මේ වෙන‌ෙකාට ඡන්දය ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන්නේ කාටද කියන එක ගැන තමයි අද කතාව.

Jul 18, 202244:31
පාට ප්‍රවෘත්ති #95

පාට ප්‍රවෘත්ති #95

මේ දවස් වල අපි නිතර දකින දෙයක් තමයි පාට වර්ග මුල් කරගෙන අපේ ප්‍රවෘත්ති සයිකල් එක නිතරම අළුත් වෙනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රවෘත්ති සයිකල් එක ගැන සහ ඒක අපිට හිතන පතන විදිහට කරන බලපෑම ගැන.

Jul 05, 202220:24
ධම්මික ප්‍රසාද් #94

ධම්මික ප්‍රසාද් #94

ධම්මික පෙරේරා වැනි බලගතු ව්‍යාපාරිකයෙක්, ව්‍යවස්ථාදායකයට එවල, අමාත්‍ය ධූරයක් ලබා දෙන්න ගෝට තීරණය කරල තියනවා. මේක දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට හානිකර තීරණයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ තීරණය ගැන.


Jun 22, 202212:05
නෙළුම් මලක් ගත් අලියෙක් #93

නෙළුම් මලක් ගත් අලියෙක් #93

තනි අලි එන්නේ රට රකින්නද? 

Jun 03, 202215:20
හර්තාල් #92

හර්තාල් #92

ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන.


May 07, 202215:30
IMF සරණ #91
Apr 22, 202218:53
අරගලයේ අනාගතය #90

අරගලයේ අනාගතය #90

වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක.

Apr 11, 202254:07
අප්‍රේල් 3 (Live) #89

අප්‍රේල් 3 (Live) #89

රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය.

Apr 04, 202256:04
රැලිය #88
Apr 01, 202225:17
රියැලිටිය #87

රියැලිටිය #87

ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්‍රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්‍රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන.

Mar 19, 202227:37
මුළු රටම හරි මඟට #86
Mar 07, 202217:43
43 වන සේනාංකය #85

43 වන සේනාංකය #85

ජනවාරි 17 වෙනිදා, පාඨලී චම්පික තමන්ගේ 43 සේනාංකය නිල වශයෙන් දියත් කරනවා. මේ ව්‍යාපාරය විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ, කන්නන්ගර මහතාගේ 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ප්‍රතිලාභ ලබපු මිනිස්සු. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ව්‍යාපාරය ගැන සහ පාඨලී ගැන.

Feb 28, 202218:09
‌සේවක අර්ථ සාධක අරමුදල #84
Feb 16, 202220:39
දේශීය සංචාරකයා #83
Feb 04, 202225:28
යුක්‍රේන අර්බුදය #82
Jan 25, 202216:20
දහං ගැට #81

දහං ගැට #81

අවුරුදු 2 ක රාජ්‍ය පාලනය අතරේ කරන්න අමතක වුන දේශපාලනය කරන්න, පොදු ජන පෙරමුණ පටන් අරන් තියනවා. බෝම්බ අසුවීම්, රු 5000 දීමනා, ඩොලර් සංචිත ඉහල දැමීම වගේ දන්න දහං ගැට හැම එකක් ම ගහන්න ඔවුන්ට සිද්ද වෙලා තියනවා. අද කතාව ඒ ගැන.

Jan 17, 202213:38
සුසිල් ට ප්‍රේම කරමු ද? #80

සුසිල් ට ප්‍රේම කරමු ද? #80

තමන්ගේ රජය විවේචන කරල දීපු පිළිතුරක් නිසා, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා. හැබැයි මේ පසුබෑම එක් අතකින් ඔහුගේ වාසියට අවස්ථාව සලසනවා. වෙනදා නොමැති විදිහේ ජනප්‍රියතාවක් ඔහුට මේ වෙනකොට ලැබිල තියනවා. ඔහුගේ මේ හැසිරීම අවංකද? අද අපි කතා කරන්නේ මේ සිදුවීම සම්බන්ධ දේශපාලන වටපිටාව ගැන.

Jan 11, 202214:06
 අර්බුදයට කඩිනම් විසඳුම් #79
Jan 01, 202231:25
කතානායක #78

කතානායක #78

කතානායක වරයා කියන්නේ අතිශය වැදගත් දේශපාලනික තනතුරක්. අපේ වර්තමාන කථානායකවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා ඔහුගේ ස්වාධීන බව ගැන දැන් ප්‍රශ්න ඇති වෙලා තියනවා. අද කතාව ඒ ගැන.

· 2022 අයවැය ගැන අපේ මතය - https://anchor.fm/rata-karawana-hati/episodes/2022--75-e1abitm

· බ්‍රිතාන්‍යයේ කතානායක ලිංසේ හොයිල් - https://youtu.be/ewSkdhoCSdY

Dec 22, 202115:11
ප්‍රියන්ත කුමාර ඝාතනය #77
Dec 07, 202115:10
වී ෆො වැන්ඩෙටා #76

වී ෆො වැන්ඩෙටා #76

වී ෆො වැන්ඩෙටා (V for vendetta) ෆිල්ම් එක සහ කොමික් එක රටේ සහ ලෝකයේ වර්තමාන තත්වය ගැන කතා කරන නිර්මාණයක්. අද අපි කතා කරන්නේ මේ විශිෂ්ට නිර්මාණය ගැන.

https://www.imdb.com/title/tt0434409/?ref_=ext_shr_lnk


Nov 29, 202116:41
2022 අයවැය #75
Nov 16, 202133:38
පෞද්ගලීකරණය #74

පෞද්ගලීකරණය #74

Nov 08, 202120:04
පැන්ඩෝරා පත්‍රිකා #73

පැන්ඩෝරා පත්‍රිකා #73

ICIJ ආයතනය ලෝකයේ ස්වාධීන මාධ්‍යවේදීන් ගණනාවක ගේ එකතුවෙන් පල කරපු Pandora Papers වල ජනාධිපතිවරයාගේ ඥාති දියණියකගේ සහ ඇගේ සැමියාගේ නම සඳහන් වෙනවා. ඒ දෙන්න දේශපාලනික අනාවරණය වුන පුද්ගලයෝ හැටියට තමන්ගේ ධනය ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් තමන්ගේ ධනය අපයෝජනය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.

· රජය Pandora Papers ගැන දෙන පිළිතුර - https://www.lankadeepa.lk/news/පැන්ඩෝරා-සිද්ධිය-ගැන-තවත්-පිරිසකගෙන්-ප්‍රකාශ-ගන්න-යයි/101-601284

· පැසිෆික් කොමොඩිටීස් සමාගමේ හිමිකාරත්වය - https://www.documentcloud.org/documents/21072236-screen-shot-2021-09-29-at-101144-pm

· නඩේෂන් ගේ වත්කම් - https://www.documentcloud.org/documents/21072244-2011-nadesan-review-by-asiaciti

· නඩේෂන් ට මුදල් ලැබුණ මාර්ග - https://www.documentcloud.org/documents/21072235-screen-shot-2021-09-29-at-102845-pm

· රොසේටි බදු ව්‍යුහය - https://www.documentcloud.org/documents/21072240-rosetti-ltd-fy-2007-statement

· නඩේෂන්, රනිල් ට යවපු ලියුම - https://www.documentcloud.org/documents/21072242-nadesan-letter-to-pm

· ICIJ වල සම්පූර්ණ සොයා ගැනීම් - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/

· චෙක් රාජ්‍ය නායකයාගේ ඉරණම - https://www.icij.org/investigations/pandora-papers/czech-prime-ministers-party-narrowly-loses-re-election-days-after-pandora-papers-revelations-in-surprise-outcome/

· අනුරගේ කතාව - https://youtu.be/P46Bg1xYYoQ

Oct 25, 202123:23
වැඩ කරන්නේ ඇයි | ජර්මන් මැතිවරණය #72
Sep 29, 202127:59
සතුටේ පිරිවැය | කළු සල්ලි #71

සතුටේ පිරිවැය | කළු සල්ලි #71

ස්වීඩන් වගේ නෝර්ඩික් රටවල් ලෝකයේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක්. එතෙන්දි එයාල සමාජ සුභසාධනයට, work-life-balance එකට ලොකු වටිනාකමක් දෙනවා. එයාලට ලෝකයේ සතුටෙන්ම ඉන්න රටක් බවට පත් වෙන්න වැය වුන පිරිවැය මොකද්ද?

· රෙඩිට් ෂෝරම් 1 - https://www.reddit.com/r/AskReddit/comments/p3w5k9/whats_the_weirdest_thing_youve_seen_happen_at_a/h8v0wwc?utm_source=share&utm_medium=web2x&context=3

· ‌රෙඩිට් ෂෝරම් 2 - https://www.reddit.com/r/sweden/comments/ot68xi/det_h%C3%A4r_med_att_man_som_liten_fick_v%C3%A4nta_p%C3%A5/

· විදේශ ගත පිරිසට මිත්‍රයන් ඇති කරගැනීමට අපහසුම රටවල් - https://www.internations.org/magazine/the-best-and-worst-countries-to-make-friends-39792

කළු සල්ලි කියන්නෙ රටක ආර්ථිකයට විශාල හානියක්. රටේ ආර්ථිකය හරියට ගණනය නොවෙන්න හේතු වෙනවා වගේම, කළු සල්ලි නිසා රජයට යන ආදායම අඩු වෙනවා. ලංකා පාර්ලිමේන්තුව 2021 අංක 18 මුදල් පනත සම්මත කරනවා. මේ දෙකේ සම්බන්දයක් තියනවද කියල අපි බැලිය යුතුයි.

· කළු සල්ලි ගැන පැහැදිලි කිරීම - https://www.investopedia.com/terms/b/black-money.asp

· පනත (සිංහල) - https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6222.pdf

· පනත (දෙමල) -  https://www.parliament.lk/uploads/acts/gbills/tamil/6222.pdf

· පනත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/acts/gbills/english/6222.pdf

Sep 19, 202126:10
Cost of Productitivty | නාමල් බේබි #70

Cost of Productitivty | නාමල් බේබි #70

(Part1 in English) අපට ජපානය කිව්වහම මතක් වෙන්නේ විශාල ඉතිහාසයක් තියන සංස්කාතියක්. සමුරායිවරු, සුෂී වගේ විවිධ කෑම වර්ග, ඇනිමේ වගේ සංස්කෘතිකාංග වල නිජබිම. ඒත් එක්කම අපි නිතර අහනවා ජපාන සංස්කෘතියේ කාර්යක්ෂම බව ගැන. එයාලට කාලයට දෙන වටිනාකම පෞද්ගලික සහ රාජකාරි ජීවිතයේත් දකින්න තියනවා කියල අපි අහනවා. හැබැයි මේ කාර්යක්ෂම බවට පිරිවැයක් නැද්ද?

· කාර්යක්ෂමතාවය මැනීම - https://www.statista.com/chart/14435/how-productive-is-an-hour-of-work/

· කාර්යක්ෂමතාවය මැනීම  2 - https://www.expertmarket.co.uk/crm-systems/the-ultimate-guide-to-work-place-productivity

· පර්යේෂණ - https://www.tandfonline.com/doi/pdf/10.1515/cj-2016-0004

(දෙවන කොටස සිංහලෙන්) නාමල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ ලංකාවේ ප්‍රධාන දේශපාලන චරිතයක් වෙන්න ඉන්න පුද්ගලයෙක්. ළඟඳි එයා money heist tv series එකේ ෂොටෝ එකක් Share කරල තිබුණ නිසා අපිට හිතුනා ඒ ගැන අපේ අදහස කියන්න.

· Post එක - https://www.facebook.com/tdwsyourmemes/photos/373127774371825

Sep 10, 202121:17
සත්ත්ව අයිතිවාසිකම් #69

සත්ත්ව අයිතිවාසිකම් #69

සත්ත්ව අයිතිවාසිකම් කියල කියන්නෙ ලංකාවෙ නිතර කතා බහ වෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ සත්ත්ව අයිතිවාසිකම් හැමෝම වගේ පිලිගත්තත් මේ අයිතිවාසිකම් කොච්චර දුරට යනවද කියන ‌කරුණ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ මේ සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල මූලික පදනම සහ ඒකේ අදාලත්වය ගැන.

· සත්ත්ව අයිතිවාසිකම් වල පදනම - https://d1wqtxts1xzle7.cloudfront.net/5591167/varner_-_prospects_for_convergence.pdf?response-content-disposition=inline%3B+filename%3DThe_Prospects_for_Consensus_and_Converge.pdf&Expires=1630324812&Signature=ZsRQ2BD~4qgaYfRKESTlJxEMoOQY2~s-XrrXgO0SsVbQOfsMDHJ8eXZWz8MQ--kblDg~VZI53ZPmmG9Opi547BmoM4WadpX6~CX6fxoxIpUZTi181XYMegbERXufBBiDdMwrqK5VYIIUrrgtYfBYrSvuNGruPTeC-kL2i06aFN-SrdYA0BgBBsaKZMe8lejE0dYvocdYqDYRtzxyit1Dw0WhdU9Mb0RkhLwMMF5uoIX4KTVvrvicrDXZyM6JbOsKuo6A~MJhC9DY31fNDxsRpaHLZhoTdKo95x-F-gnFkRmDLWUOCuUPHXj74QMqAPl~hpEvN4NFhL5NrCIVP-NAAw__&Key-Pair-Id=APKAJLOHF5GGSLRBV4ZA

· සත්ත්ව අයිතිවාසිකම් වල පදනම සහ ඉතිහාසය - https://www.britannica.com/topic/animal-rights/The-modern-animal-rights-movement

· සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල සැකසුම - https://fewd.univie.ac.at/fileadmin/user_upload/inst_ethik_wiss_dialog/Mika__Marie_2006._Framing_the_Issue._Religion__Secular_Ethics_and_the_Case_of_Animal_Rights_Mobilization._Social_Forces.pdf

Aug 31, 202122:31
ඇෆ්ගනිස්තානය #68

ඇෆ්ගනිස්තානය #68

Episode 68 Part 1

මේ මාසයේ, නේටෝ හමුදාව තමන්ගේ ඇෆ්ගන් ආක්‍රමණය අවසන් කරනවා. ඇමරිකාව තමන්ගේ දීර්ඝ ම යුද්ධය අවසන් කරල යන්නේ 300,000 හමුදාවක් හදලා. නමුත් දින කිහිපයක් ඇතුළත, තලෙයිබාන් සංවිධානය මුළු රටේ ම බලය නැවත අල්ලන්න සමත් වෙනවා. අද මාතෘකාව වෙන්නේ ඇෆ්ගන් සමාජයට සහ ආසියානු කලාපයට නව පරිපාලනයෙන් තියෙන බලපෑම මොකක්ද කියන එක.

තලෙයිබාන් දර්ශනය 1 – (The Taliban: an organizational analysis) https://apps.dtic.mil/sti/pdfs/ADA485136.pdf

තලෙයිබාන් දර්ශනය 2 – (Taliban history of war and peace in Afghanistan) http://148.251.69.135/downloads/9_Kuehn_Incremental-Peace-in-Afghanistan-36-41.pdf

තලෙයිබාන් දර්ශනය 3 - Handbook of Islamic Sects and Movements.

ඇමරිකාව සහ මුජහඩීන් - https://courses.lumenlearning.com/suny-hccc-worldhistory2/chapter/the-united-states-and-the-mujahideen/

තලෙයිබාන් සමාජය -  Afghanistan under the Taliban by BR Rubin https://afghandocproject.org/ADP/ADP%20Public%20Docs/CH_Afghanistan_Under_Taliban.pdf.pdf

තලෙයිබාන් කාන්තා සහභාගීත්වය - Afghan Women and the Taliban: An Exploratory Assessment https://www.icct.nl/app/uploads/download/file/ICCT-Leede-Afghan-Women-and-the-Taliban-April-2014.pdf

Aug 18, 202122:22
සෙල්ලම් කරන්නේ ඇයි #67
Aug 09, 202113:40
Porn තහනම් ද #66

Porn තහනම් ද #66

ලංකාව තුල porn websites තහනම් කරන්න අධිකරණයෙන් නියෝගයක් ලැබෙනවා. මේකට මුල් වෙන්නේ වයස අවුරුදු 15 ක දැරිය අපහරණයට ලක් වීමේ සිදුවීම නඩුව. එතෙන්දි පෝන් වීඩියෝ තුලින් ළමයි වැරදි ආකල්ප ඇති කරගැනීම වලක්වා ගැනීම සහ සමාජයේ අපචාර සිදුවීම අඩුකරගැනීම කියන අරමුණු මේ තීරණයට මුල් වෙනවා කියල අපට හිතෙනවා. නමුත් ඇත්තටම සමාජයේ අපචාර අඩු කරන්න porn ban එක සාර්ථක පියවරක් ද?

· නව සීලන්තයේ වෙනස්ම වීඩියෝව - https://youtu.be/6c3Edm8NdGs

· ප්‍රවෘත්තිය - sinhala.adaderana.lk/news/154775/පාසල්-ආරම්භ-කරන-තුරු-හෝ-අසභ්‍ය-වෙබ්-අඩවි-අවහිර-කරන්නැයි-අධිකරණයෙන්-දැනුම්දීමක්

· බ්‍රිතාන්‍ය - https://www.bbc.com/news/technology-50073102

· ජර්මනිය - https://www.wired.com/story/germany-porn-sites-age-checks/

· ඉන්දියාව - https://www.india.com/news/india/raj-kundra-case-indian-laws-on-adult-film-racket-that-led-to-raj-kundras-arrest-explained-4830954/

Aug 02, 202112:16
ළමා මෙහෙකාර සේවය | දකුණු අප්‍රිකාවේ වෙන්නේ මොකක්ද? #65
Jul 26, 202119:57
ක්ලාක්සන්ගේ ගොවිපල #64

ක්ලාක්සන්ගේ ගොවිපල #64

Jemery Clarkson ගෙ Clarkson’s Farm කියල වැඩසටහනේ පෙන්නනවා, ගොවිතන ගැන කිසිම දෙයක් නොදන්න මනුස්සයෙක් අක්කර 500 විතර ගොවිපලක් කරන්නේ කොහොමද කියල තමයි මේ කොමඩි ෂෝ එකේ පෙන්නන්නේ. ඉතින් මේකෙ තාක්ෂණය පාවිච්චි කරන විදිහ දැක්කහම අපිට හිතුන ලංකාවේ ගොවියාට මේ තාක්ෂණය දුන්නොත් එයාලගෙ වෘත්තීයට කොච්චර ගෞරවයක් දෙන්න පුළුවන්ද කියල. ඒ වගේම තමයි පොහොර භාවිතය ගැනත් මේකේ යම් දුරකට කතා වෙනවා. කාබනික පොහොර භාවිතය තියෙන්නේ කොතනද? ඒක අපි පාවිච්චි කරන්න ඔ්නේ කොහොමද?

Epispde 64 Part 1

කාබනික සහ රසායනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන ඵලදාව - https://www.sciencedirect.com/science/article/pii/S0167880917305595#bib0050

කාබනික පොහොර ගැන කරපු පරීක්ෂණ වල සමාලොචනයක් - https://www.mdpi.com/2073-4395/9/2/82

Jul 19, 202117:21
කොතලාවල පනත #63

කොතලාවල පනත #63

1981 අංක 68 කොතලාවල පනත යාවත්කාලීන කිරීමක් විදිහට අලුතෙන් කොතලාවල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මේක මුල් කරගෙන විශාල විරෝධක් ඇතිවෙනවා. විරෝධය දක්වපු අයගේ ඇඳුම් ගලවනවා, අත්තඩංගුවට ගන්නවා, නිරෝදායනයට අරගෙන යනවා. ඉතින් මෙච්චර මර්දනය කරන්න, මේවගේ වෙලාවක උද්ඝෝෂණය කරන්න මුල් වුන පනත ගැන විස්තරව බලන්න අපි හිතුවා.

· නව කොතලාවල කෙටුම්පත (සිංහල) – http://documents.gov.lk/files/bill/2021/3/45-2021_S.pdf

· නව කොතලාවල කෙටුම්පත (ඉංග්‍රීසි) – https://www.parliament.lk/uploads/bills/gbills/english/6210.pdf

· විශ්වවිද්‍යාල පනත – https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en

·  පරණ (දැනට ක්‍රියාත්මක) පනත – https://www.srilankalaw.lk/YearWisePdf/1981/SIR%20JOHN%20KOTELAWALA%20DEFENCE%20ACADEMY%20ACT,%20NO.%2068%20OF%201981.pdf

· විශ්වවිද්‍යාල දත්ත – https://ugc.ac.lk/downloads/statistics/stat_2019/Chapter1.pdf

Jul 12, 202130:01
වෘත්තීය සමිති | ක්‍රීඩාව #62

වෘත්තීය සමිති | ක්‍රීඩාව #62

වර්තමානයේ අපි සාමාන්‍යයක් හැටියට ගන්න දවස් 5 වැඩ සතිය, පැය 8 වැඩ දවස, නිවාඩු දින, අතිකාල දීමනා වගේ දේවල් අපිට ලබා දුන්නේ වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් මේක සමරන්න තමයි මැයි 1, කම්කරු දිනය යෙදිල තියෙන්නේ. හැබැයි අද ලංකාවේ වෘත්තීය සමිතිවලට තියන ප්‍රතිරූපය එච්චර සුබදායී නැහැ. නමුත් අඩුපාඩු තිබ්බා කියල අපි වෘත්තීය සමිති කප්පම්කාරයෝ, කඩාකප්පල්කාරයෝ ගානට දාන්න ඔ්නෙද?

ලංකාවේ ක්‍රීඩාව ට ඇතිවෙලා තියන තත්ත්වය මොකද්ද? ක්‍රිකට් වල පරිහාහානය නවත්තන්න නම් අපිට නව සීලන්ත මොඩල් එක අනුගමනය කරන්න පුළුවන්ද? ක්‍රිඩාව දියුණු කරන්න නම් අපි ඒක කොහොමද සමාජයට එකතු කරන්නේ?

Jul 05, 202124:17
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය | සෙල්ලම් ගෙදර #61

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය | සෙල්ලම් ගෙදර #61

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අත්‍යාවශ්‍ය සමාජ කාරණාවක් වෙනකොට ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තියන දුර්වලකම් තවදුරටත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩේටා සඳහා යන අධික වියදමට, සිග්නල් නැති එකට, තාක්ෂණික පහසුකම් නැති එකට විසඳුම වෙලා තියෙන්නේ ඒවා ෆොටෝ ගහල අන්තර්ජාලයට දාන එක. මේ පෝස්ට් වල දුරකතන සේවා නියාමන කොමිසම් සභාව දෙන පැලැස්තර විසඳුම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? 


දැන් 20 ගණන්වල ඉන්න පරම්පරාව ඉස්සර අසාවෙන් බලපු කතාවක් තමයි සෙල්ලම් ගෙදර කියන්නේ. සෙල්ලම් ගෙදර කියනකොට අපට මතක් වෙන්නේ, ඒකත් එක්ක අපි මතක් කරගන්නේ ප්‍රශ්න අඩු සරල අතීතයක්. ඒ අතීතයේ අපි ණය බර ගැන, රස්සාවක් ගැන, හෙට මැරෙයිද කියන එක ගැන කරදර වුනේ නැහැ. මේකට අපි කියනවා nostalgia (අතීතකාමය??) කියල. මේකෙ විශේෂ ලක්ෂණයක් තමයි අපි මේ අතීතය පට්ට ලස්සන දෙයක් හැටියට මවා ගැනීම. අපි සෙල්ලම් ගෙදර බලන දවස් වල රටට සුනාමියක් ආවා. යුද්ධයක් තිබ්බා. නමුත් ඒ අතීතය තාම අපිට සුන්දරයි. මේ අතීතකාමය රනිල්ට උදව් වුන්නේ කොහොමද?

Jun 27, 202120:16
ග්‍රීක ආර්ථික අර්බුදය | ස්ටොක්හෝල්ම් සින්ඩ්රෝම් #60

ග්‍රීක ආර්ථික අර්බුදය | ස්ටොක්හෝල්ම් සින්ඩ්රෝම් #60

ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයට නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කරපු ශිෂ්ටාචාරයක්. හැබැයි අද, ඔලිම්පික්, නාට්‍ය කලාව, සාහිත්‍ය, දර්ශනයට වඩා ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ ආර්ථිකමය අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුන රටක්. වැරදි මුදල් පරිපාලනය නිසා, අධික විදිහට ණය ගැනීම නිසා ග්‍රීසිය අවුරුදු 10 ක ආර්ථික අවපාතයකට යනවා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගෙන තියනවද?

· ග්‍රීසියේ කඩාවැටීම - https://www.investopedia.com/articles/investing/070115/understanding-downfall-greeces-economy.asp

1973 ස්ටොක්හෝල්ම් වල බැංකු මංකොල්ලයක් වෙනවා. මේකෙදි බැංකු සේවකයෝ හතර දෙනෙක් ව කප්පම් කාරයා විසින් ප්‍රාණ ඇපකරුවෝ හැටියට තබා ගන්නවා. මේ ප්‍රශ්නය දින 6 ක් ඇදෙනවා. මේ දින 6 ඇතුළත, ප්‍රාණ ඇපකරුවෝ තුල තමන්ගේ කප්පම් කාරයා කෙරෙහි ගෞරවයක්, අනුකම්පාවක් ඇති වෙනවා. මේකට ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් කියල කියනවා. සමහර පර්යේෂකයෝ කියනවා මේක ගෘහස්ත හිංසනයට ලක් වුන අය අතරේ සහ දේශපාලන තලයේ දකින්න තියනවා කියල. ලංකාවටත් මේ කතාව අයිති ද?

· ස්ටොක්හේාල්ම් මංකොල්ලය - https://youtu.be/g_yiQBe8yiQ

Jun 18, 202130:27
සුරතල් සත්තු | ඔලී රොබින්සන් #59

සුරතල් සත්තු | ඔලී රොබින්සන් #59

සුරතල් සත්තු ආරක්ෂා කිරීමට ලංකාවේ තියෙන නීති දෙක හැදිල තියෙන්නේ 1958 සහ 1907 වසර වල. මේකෙන් 1958 පනත වෙන් වෙලා තියෙන්නේ හරක්, ඌරෝ වගේ සත්ත්ව නිෂ්පාදන වලට අයිති වෙන සත්තු ගැන. 1907 කෲරත්වය ගැන පනතත් දැන් ඇත්තටම යල් පැනල. ඒ නිසා අපි දකිනවා හිතල හෝ නොහිතල මිනිස්සු අතින් සුරතල් සතුන්ට විශාල වශයෙන් අසාධාරණකම් වෙනවා. තුවාල කරනවා, පාරවල් වල දාලා යනවා. මේක වෙනස් කරන්නේ කොහොමද?

· සත්ත්ව පනත - http://www.daph.gov.lk/web/index.php?option=com_content&view=article&id=43&Itemid=144&lang=si

Ollie Robinson කියන එංගලන්ත ක්‍රීඩකයා මීට අවුරුදු 8 කට කලින් ලියපු ට්වීට් නිසා කරදරේ වැටෙනවා. තරඟ තහනමකටත් ලක් වෙන්න යනවා. මේක කැන්සල් කල්චර් එකේ එක දිගුවක් කියල තමයි අපි හිතන්නේ. කැන්සල් කල්චර් එකේ ඒ වගේ හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් තියනවා. නමුත් ඒකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය සිද්ධ වෙනවද?

· සිද්ධිය - https://www.foxsports.com.au/cricket/countries/england/english-cricket-star-ollie-robinson-investigated-for-revolting-tweets/news-story/571eac9fc606b5879aa5960f6327580e

· කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://datasociety.net/wp-content/uploads/2020/10/2020_OriginalArticle_Clark_CancelCulture.pdf

· කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://www.sciencedirect.com/science/article/pii/S266651822100022X

Jun 08, 202120:22